චාමිකගේ DNA පරීක්ෂණයකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගයට එරෙහිව පැමිණිලිකාර ගුවන් නියමුවරිය කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙනවා.

පැමිණිලිකාරිය කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුව ගොනු කර තිබුනේ සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුන බැවින් දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ටර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ, සඳහා දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කිරීමට චාමික කරුණාරත්නගේ රුධිර සාම්පලයක් ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ද පැමිණිලි පාර්ශවය ඉල්ලීම් කර තිබුණා.

පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනදීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය අගෝස්තු 04 වැනිදා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එම නඩුව යළි ඔක්තෝබර් 09 වන දින කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23