මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නිවස පිටුපස ඇළක අත්බෝම්බයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපසින් ගලා බසින ඇළ මාර්ගයක තිබී විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හමු වී තිබෙනවා.

ජාඇල නගර සභාවේ සේවකයින් විසින් ඇළ මාර්ගය පිරිසිදු කරමින් සිටිය දී මෙම අත්බෝම්බය හමු වී ඇත්තේ අද (01) පෙරවරුවේයි.

පසුව මේ සම්බන්ධයෙන් නගර සභා සේවකයින් කඳාන පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්