මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිදු සමාවක් දීමට සූදානම් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මහර බන්ධනාගාරය පරිශ්‍රයේ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නවදහස් අසුඑකක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම ඉදිරි මාස දෙක තුළ දැනට පවතින සියලු රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම අරමුණ වී ඇති බවත් හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.
වර්තමානය වන විට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට විධිමත්ව කිසිවක් කිරීමට නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා, විපක්ෂයට අර්බුදයක් නිර්මාණය කිරීමට හැකි එකම ස්ථානය බන්ධනාගාරය බවයි පැවසුවේ.
මේ අතර බන්ධනාගාරයෙන් නිදහස්ව ගොස් නැවත මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ක්‍රියාවන් සිදු නොකරන ලෙසත්, සමාජයට යහපත් පුද්ගලයෙක්වීමට උත්සාහ කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා.













