අමෙරිකාවෙන් බේරෙන්න ඉරාන නැව් 12ක් ලංකාවේ මුහුදු සීමාවට රිංගලා ?

අමෙරිකාව විසින් සම්බාධක පැනවූ බව කියන ඉරාන නෞකා මෙරට මුහුදු සීමාවට ඇතුළත් වීම සම්බන්ධයෙන් අද (01) පැවති කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ, පසුගිය දින කිහිපය තුළ මෙරට අවසරයකින් තොරව ඉරානයට අයත් නෞකා 12ක් පමණ මෙරටට අයත් මුහුදු සීමාවට ඇතුළත් වී ඇති බවට ආනාවරණය වී ඇති බවයි.

මෙරට මුහුදු සීමාව වන ගොඩබිමේ සිට නාවික සැතපුම් 12 සීමාව ඉක්මවා එම නෞකා, නාවික සැතපුම් 11.5ක් දක්වා පැමිණ ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, එම කරුණ සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය මඟින් කරුණු සොයා බැලීමක් සිදු කරන බවත් සඳහන් කළා.

මීට පෙර මැදපෙරදිග යුද උණුසුම ඉහළගොස් පැවතිය දී පවා ජීවිත බේරා ගැනීමේ අරමුණින් පමණක් දෙපාර්ශවය සඳහාම උපකාරී අන්දමින් කටයුතු කළ බවට පෙන්වා දුන් අමත්‍යවරයා සඳහන් වැඩිදුරටත් කළේ, එවන් තත්ත්වයක් මත යුද්ධයේ කිසිඳු පාර්ශවයකට සහය වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12