AFC Banner
AFC Banner
Empty Ad

16 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස මියයයි

නිවිතිගල – වටාපොත ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ වටාපොත ගම්මානයේ රබර් වගා ඉඩමක් අසලින් ඇති අඩි පාරක මුහුණ ප්‍රදේශයේ ලේ තැවරුණු තුවාල සහිත ව දැරියක් වැටී ඇති බවට නිවිතිගල පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ඇරඹූ බවයි.

ඇය එම ගම්මානයේ ම පදිංචි පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.

මරණකාරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර; මරණය සිදු වූ දිනයේ ඇයට මවගෙන් දූරකථන ඇමතුමක් ලැබී ඇත්තේ පාසල් නොයාම හේතුවෙන් නිවසේ තනිව නොසිට වෙළෙඳසැලට පැමිණෙන ලෙසයි.

වෙළෙඳසැලට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාව මැදින් ඇති අඩි පාරේ තිබී සිය දියණියගේ මියගිය සිරුර හමුව ඇත්තේ.

ඇය නිවසේ සිට වෙළෙඳසැලට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීමෙන් මෙම මරණය සිදු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිදුවීම සම්බන්ධයෙන් වන පශ්චාත් මරාණ පරීක්ෂණය රත්නපුර රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?