AFC Banner
AFC Banner
Empty Ad

Online ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ ක්‍රමවේදය හෙට සිට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන ලෙස මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

එලෙස මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදු කළ හැකියි.

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන අතර මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙනු ඇති.

අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින්….

දිස්ත්‍රික්කය – ප්‍රාදේශීය ලේකම් කාර්යාල

අම්පාර සමන්තුරේ, පොතුවිල්

අනුරාධපුර නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන

බදුල්ල මහියංගනය, හපුතලේ

මඩකලපුව කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි

කොළඹ සීතාවක, හෝමාගම

ගාල්ල කරන්දෙනිය, අක්මීමන, නෙළුව

ගම්පහ මීගමුව, මීරිගම, ගම්පහ

හම්බන්තොට තංගල්ල, තිස්සමහාරාමය

යාපනය චාවකච්චේරි, පේදුරුතුඩුව

කළුතර ඉංගිරිය, මතුගම, පානදුර

මහනුවර ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය

කෑගල්ල ගලිගමුව, රුවන්වැල්ල

කිලිනොච්චිය කරච්චි

කුරුණෑගල පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය

මන්නාරම මන්තායි බටහිර

මාතලේ නාවුල

මාතර අතුරලිය, දෙවිනුවර

මොනරාගල බුත්තල

මුලතිව් මුලතිව්

නුවරඑළිය අඹගමුව, වලපනේ

පොලොන්නරුව ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ

පුත්තලම පුත්තලම, හලාවත

රත්නපුර බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය

ත්‍රිකුණාමලය කින්නියා

වව්නියාව වෙංගලසෙට්ටිකුලම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?