Online ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ ක්‍රමවේදය හෙට සිට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන ලෙස මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

එලෙස මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදු කළ හැකියි.

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන අතර මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙනු ඇති.

අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින්….

දිස්ත්‍රික්කය – ප්‍රාදේශීය ලේකම් කාර්යාල

අම්පාර සමන්තුරේ, පොතුවිල්

අනුරාධපුර නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන

බදුල්ල මහියංගනය, හපුතලේ

මඩකලපුව කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි

කොළඹ සීතාවක, හෝමාගම

ගාල්ල කරන්දෙනිය, අක්මීමන, නෙළුව

ගම්පහ මීගමුව, මීරිගම, ගම්පහ

හම්බන්තොට තංගල්ල, තිස්සමහාරාමය

යාපනය චාවකච්චේරි, පේදුරුතුඩුව

කළුතර ඉංගිරිය, මතුගම, පානදුර

මහනුවර ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය

කෑගල්ල ගලිගමුව, රුවන්වැල්ල

කිලිනොච්චිය කරච්චි

කුරුණෑගල පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය

මන්නාරම මන්තායි බටහිර

මාතලේ නාවුල

මාතර අතුරලිය, දෙවිනුවර

මොනරාගල බුත්තල

මුලතිව් මුලතිව්

නුවරඑළිය අඹගමුව, වලපනේ

පොලොන්නරුව ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ

පුත්තලම පුත්තලම, හලාවත

රත්නපුර බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය

ත්‍රිකුණාමලය කින්නියා

වව්නියාව වෙංගලසෙට්ටිකුලම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32