13 වසරක් ගිලන් ඇදක් මත සිටින තරුණිය ලොවට දුන් පණිවිඩය

සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගිලන් ඇඳක ජීවත් වෙමින් සිටයදී තමන් විසින්ම රචිත නවකතාවක් එළිදක්වා එයින් ලද ආදායමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කළ තරුණියක් පිළිබඳ පුවතක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පවනි මධුභාෂිනී වන එම තරුණිය දැනට 25 වැනි වියේ පසුවන ඇය වසර 13ක සිට ගිලන්ව ඇඳක මත ජීවත් වන්නේ ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙනි.

ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ පවනිට මෙ රෝගී ත්ත්වයත් සමග අධ්‍යාපනය ද මගහැරී ගියත් ඇය අතිශය ආදරය කළ ලේඛන කලාව සියලු බාධක මැද අඛන්ඩව කරගෙන ගිය බවයි ඇයගේ පියා සඳහන් කරන්නේ.

ඒ අනුව තම සිහිනයක් වූ තමන්ගේම පොතක් ලියන්නට ඇයට පසුගියදා හැකිවුණා.

ඒ “රුවල් නැවේ සතුට බිඳුණු චාරිකාව” නමැති නවකතාවයි.

ඇය මෙම කතා පොත නිර්මාණය කළේද තමන් වගේම ස්වසන අපහසුතා ඇති තවත් රෝගීන් වෙනුවෙන්.

පොත අළෙවි කිරීමෙන් ලද මුදල සහ තවත් පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කරගනිමින් පවනි පසුගියදා නිකවැරටිය මූලික රෝහලට රුපියල් ලක්ෂ 12ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පවනි කටයුතු කරනු ලැබුවා.

තමා සිදුකළ මහඟු පුන්‍යකර්මය ලොවට කියන්නට පවනිට කියන්නට ඇයගේ මුඛයෙන් වචන පිටනොවුනත් ඒ ගැන වූ සතුට ඇයගේ මුහුණෙන් දකින්නට නිකවැරටිය රෝහලේ කාර්ය මණ්ඩලයට හැකිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
138
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57