spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

13 වසරක් ගිලන් ඇදක් මත සිටින තරුණිය ලොවට දුන් පණිවිඩය

සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගිලන් ඇඳක ජීවත් වෙමින් සිටයදී තමන් විසින්ම රචිත නවකතාවක් එළිදක්වා එයින් ලද ආදායමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කළ තරුණියක් පිළිබඳ පුවතක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පවනි මධුභාෂිනී වන එම තරුණිය දැනට 25 වැනි වියේ පසුවන ඇය වසර 13ක සිට ගිලන්ව ඇඳක මත ජීවත් වන්නේ ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙනි.

ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ පවනිට මෙ රෝගී ත්ත්වයත් සමග අධ්‍යාපනය ද මගහැරී ගියත් ඇය අතිශය ආදරය කළ ලේඛන කලාව සියලු බාධක මැද අඛන්ඩව කරගෙන ගිය බවයි ඇයගේ පියා සඳහන් කරන්නේ.

ඒ අනුව තම සිහිනයක් වූ තමන්ගේම පොතක් ලියන්නට ඇයට පසුගියදා හැකිවුණා.

ඒ “රුවල් නැවේ සතුට බිඳුණු චාරිකාව” නමැති නවකතාවයි.

ඇය මෙම කතා පොත නිර්මාණය කළේද තමන් වගේම ස්වසන අපහසුතා ඇති තවත් රෝගීන් වෙනුවෙන්.

පොත අළෙවි කිරීමෙන් ලද මුදල සහ තවත් පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කරගනිමින් පවනි පසුගියදා නිකවැරටිය මූලික රෝහලට රුපියල් ලක්ෂ 12ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පවනි කටයුතු කරනු ලැබුවා.

තමා සිදුකළ මහඟු පුන්‍යකර්මය ලොවට කියන්නට පවනිට කියන්නට ඇයගේ මුඛයෙන් වචන පිටනොවුනත් ඒ ගැන වූ සතුට ඇයගේ මුහුණෙන් දකින්නට නිකවැරටිය රෝහලේ කාර්ය මණ්ඩලයට හැකිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
138
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?