නායයෑමේ අනතුරු ඇඟවීමේ තවදුරටත් දීර්ඝ කෙරේ

මේ වනවිට පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක පහකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ අනතුරු ඇඟවීමේ දීර්ඝ කරන බවයි එම සංවිධානය සඳහන් කළේ.

01.කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර, බුලත්සිංහල, අඟලවත්ත, මතුගම සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
02.නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය,
03.කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට, රුවන්නවැල්ල, දෙහිඕවිට සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
04.රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්තනපුර, නිවිතිගල, ඇහැළියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
05.ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමේ නිකුත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?