09 වැනි පාර්ලිමේන්තුවේ සම්මත කළ පනත් ගැන අලි සබ්‍රිගෙන් ප්‍රකාශයක් (ඡායාරූපය)

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව තුළ තමන් අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේ දී මෙරටට වැදගත් වන පනත් 167ක් සම්මත කරගැනීමට දායක වීමට හැකි වූ බව හිටපු කැබිනට් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.

සිය නිල X ගිණුමෙහි ඊයේ (02) පස්වරුවේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස සම්මත වූ පනත් බොහොමයක මූලික සංකල්ප ඉදිරිපත් කිරීමට තමන්ට හැකි වීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයක් බවයි.

2020 අගෝස්තු මාසයේ සිට 2022 මාර්තු දක්වා තමන් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් මෙම ක්‍රියාව සිදු කිරීමට කටයුතු කළ බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මෙම කාල සීමාව තුළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන ලද අතර, වැදගත් කරුණු සඳහා මූලික අඩිතාලම දැමීම සඳහා විද්වත් කමිටු පත් කළ බවයි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?