Empty Ad
Empty Ad
AFC Banner

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද (23) දිවුරුම් දුන්නා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාළව පැවති ඡන්ද විමසීමේ දී ඡන්ද 5,634,915ක් ලබාගනිමින් අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

නව ජනධිපතිවරයා දිවුරුම්දීමේ අවස්ථාවට විදෙස් තානාපතිවරුන්, දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියා.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාල භූමියෙන් පිටත ද අනුර කුමාර දිසානායකගේ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වනවිට රැස්ව සිටිනවා.

මේ අතර නව ජනාධිපතිවරයා තෝරා පත් කිරීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල් ප්‍රශ්නය නම් විසඳන්නම වෙයි - මේන් මේන් ඡන්දය දීපු මිනිස්සුමආණුඩුවේ රෙදි ගලවයි
03:11
Video thumbnail
කථානායක අවුරුදු 7ක් හිරේට..? වැඩ වරද්දගනී
06:20
Video thumbnail
රිලවුන්ගෙන් ගෙදර ඉන්න ගෑණුත් පරිස්සම් කරගන්න බෑ
03:00
Video thumbnail
ලසන්ත ආණ්ඩුවට දෙහි කපයි
07:16
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකරලා - ජීවිතය අනතුරේ - ආණ්ඩුවට කුණු බැණුම් #mahindarajapaksha #npp
10:40
Video thumbnail
මම රිලව් ම#රන්න කිව්වේ නෑ - ලාල් කාන්ත කට අරී
11:06
Video thumbnail
STF දැලට කොටු වුණු මිල අධිකම බඩු ටික - කාන්තාවක් කරලා තියෙන අමුතු වැඩේ
01:09
Video thumbnail
රිලවුන්ට විද්‍යාත්මක විසඳුමක් ඕනි - ලාල් කාන්තගෙ ප්‍රකාශයට නොකියා ඇන්න සැර ටොක්ක
03:52
Video thumbnail
නව දේශපාලන පෙරළියක් - ශ්‍රීලනිපය සූදානම්
05:25
Video thumbnail
විදුලි බිල ප්‍රශ්නයට ජනාධිපති මීක් නෑ - ජනාධිපතිට සමන් රත්නප්‍රිය හොඳට අමතයි
20:47

?