නිලන්ත සහ පූජිතගේ මූලික විරෝධතා සලකා බැලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ ව පවරා ඇති වන්දි නඩුකර පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කාලාවරෝධී වී ඇති බවට ඉදිරිපත් කළ විරෝධතාවය, මූලික නෛතික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස සලකා බලන ලෙසට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් සිදු කරන ලද ඉල්ලීම මීගමුව දිසා විනිසුරු ලලිත් කංනන්ගර මහතා විසින් අද දින (11) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩු 182ක් විටින් විට පූර්ව නඩු විභාගයට ගත් අවස්ථාවේ දී එම නඩුවල හතරවන සහ පස්වන විත්තිකරුවන් වන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයවළුන් පෙනී සිටි නීතිඥයින් තර්ක කර සිටියේ තම සේවාදායකයින් දෙදෙනාම පොලිස් නිලධාරින් වන නිසා ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාළ සිදුවීම සිදු වී මාස 3ක් තුළ පැවරිය යුතු බවයි.

කෙසේ වෙතත්, පැමිණිලිකරුවන් අදාළ නඩු පැවරීම බෝම්බ ප්‍රහාරය සිදු වී මාස තුනක් තුළ සිදු නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වන තම සේවාදායකයින්ට එරෙහි වන්දි නඩු මූලාරම්භයේදී ම නිෂ්ප්‍රභ කළ යුතු බවත් එම නීතිඥයින් විසින් මූලික විරෝධතාවයක් ලෙස ඉදිරිපත් කර තිබුණා.

එම මූලික විරෝධතාව සම්බන්ධයෙන් වන කාරණාව නඩු විභාගය මූලාරම්භයේ දී ම මූලික නෛතික ප්‍රශ්නයක් ලෙස සලකා විසඳිය යුතු බවට පූජිත ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් විසින් පූර්ව නඩු විභාගයේ දී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ පොලිස් නිළධාරීන් ඇතුලු අනෙකුත් විත්තිකරුවන් වගකිවයුතු බව තම සේවාදායකයින් හට දැනගැනීමට ලැබුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ කටයුතු සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලින් බවයි.

ඒ සම්බන්ධයෙන් දැනගත් පසු නියමිත කාලය තුළ සියලු නඩු පැවරීමට පැමිණිලිකරුවන් කටයුතු කර ඇති බවත් ඒ අනුව විත්තිකරුවන්ගේ ඉල්ලීමට ඉඩ ලබා නොදෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් පැවැත්වූ විමසීමෙන් අනතුරුව, ඊට අදාළ නියෝගය ලබාදෙමින් දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ගේ විරෝධතාවය නඩු විභාගය අතරතුර ඉදිරිපත් වන සාක්ෂි මගින් සනාථ කරගත යුතු වන කාරණාවක් බැවින් එය මූලික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස පිළිගත නොහැකි බවත්, ඒ අනුව නඩු විභාගය අවසානයේ දී එකී කාරණාව සලකා බැලිය හැකි බවත්ය.

ඒ අනුව මෙම නඩුව අනෙකුත් නඩු සමග විභාගයට නියම කිරීම සඳහා දෙසැම්බර් 13 වන දින කැඳවීමට ද දිසා විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.

මෙම නඩුකරවල පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඇංජලිකා පෙරේරා මහත්මියගේ උපදෙස් මත නීතිඥ ඉන්දික බණ්ඩාර අබේකෝන් මහතා සමඟින් ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටියා.

4 වන විත්තිකාර පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ සමාධි ගම්ලත් මහතා ද, 5 වන විත්තිකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ මධුමතී ජයතිලක මහත්මියගේ උපදෙස් මත නීතිඥ නිසසිරි දයානන්ද මහතා පෙනී සිටි බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06