ලංකා T10 සුපර් ලීගයේ සමාරම්භක තරගයේ ජය යාපනයට

ලංකා T10 සුපර් ලීගයේ සමාරම්භක තරගයෙන් ම පළමු ජය වාර්තා කරන්නට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර (11) සමත් වුණා.

පල්ලෙකැලේ දී අද පැවති තරගයේ දී ජැෆ්නාවරුන් හමුවේ පරාජයට පත් වූයේ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමයි.

ජැෆ්නාවරුන් තරගය කඩුලු 08කින් ජයගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Tom Kohler-Cadmore නොදැවී ලකුණු 57ක් ලබා ගැනීම කැපී පෙනුණා.

Tom Abell නොදැවී ලකුණු 33ක් ලබාගත්තේ පන්දු 19කදියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නාවරුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 10 තුළ දී බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 08ක් දැවී ලකුණු 106ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 17ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

Mohammad Shahzad ලකුණු 22යි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් Dwaine Pretorius, මොහොමඩ් අමීර් සහ ප්‍රමෝද් මධුෂාන්ට හිමිවුණා.

ඒ අනුව ජැෆ්නාවරුන් පන්දුවාර 10ක් තුළ ජයග්‍රහණයට ලකුණු 107ක් ලබා ගැනීම අභියෝගය වූ අතර ඔවුන් 08කුත් එක් පන්දුවක් අවසානයේ දී සිය ජය තහවුරු කරගත්තා.

හම්බන්තොට කණ්ඩායම වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී තරිඳු රත්නායක සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32