logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ෆොන්සේකා ජාතියට දුන් පොරොන්දුව ජනපතිට පිළිගන්වයි (වීඩියෝ)

දශක ගණනාවක යුද බිමේ අත්දැකීම් අලලා, හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් රචනා කරන ලද ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ කෘතිය, අද (28) නෙළුම් පොකුණ රඟහලේ දී එළිදක්වනු ලැබුවා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දශක ගණනාවක් යුද බිමේ මුහුණ දුන් අත්දැකීම් මේ ග්‍රන්ථය රචනා කර තිබෙනවා.

යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, එවකට ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා පවසා සිටියේ තමා මෙම යුද්ධය ඊළඟ යුද හමුදාපතිවරයාට භාර නොකරන බවයි.

එම පොරොන්දුව හා එය ක්‍රියාත්මක කිරීමට ගත් ක්‍රියාමාර්ග අලලා රචනා කළ ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ කෘතිය එළි දැක්වුනේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති උත්සවයකදීයි.

මෙහිදී හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව’ ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
7
+1
70
+1
6
+1
9
+1
4
+1
8
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?