ශ්‍රී ලාංකික කතකගේ විදෙස් මුදල් සහ ස්වර්ණාභරණවලට චීන ගුවන් මගියා විදලා

ඩුබායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක ගමන් ගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුගේ රුපියල් දහතුන් ලක්ෂ දහහතරදහස් හාරසීයයක් වටිනා විදේශ මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් සොරා ගත් චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊශ්‍රායලයේ ළමා සංවර්ධන උපදේශිකාවක ලෙස සේවය කරන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට අයත් විදෙස් මුදල් සහ ස්වර්ණාභරණ සැකකාර චීන ජාතිකයා විසින් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ඊයේ (13) උදෑසන 08.15ට අබුඩාබි නුවර සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 579 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම කාන්තාව විසින් රැගෙන ආ අත්බෑගය ගුවන් සේවිකාවකගේ ඉල්ලීම මත ගුවන් යානයේ ඇයගේ ආසනයට ඉහළින් ඇති ගමන් මලු රාක්කය තුළ තබා ඇති බවයි වාර්තා වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇය ගුවන් යානයෙන් පිටතට පැමිණ ගුවන් තොටුපොළ කුලී රථයක් ලබාගැනීම සදහා මුදල් ගෙවීමට සූදානම් වන අවස්ථාවේ තම අත්බෑගය තුළ වූ ඇමෙරිකානු ඩොලර් 3,660ක්, යුරෝ 500ක් සහ ස්වර්ණාභරණ තොගය ද නොමැති බව වටහා ගෙන තිබෙනවා.

ඒ අනුව ඇය වහාම ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර, පොලීසිය ඇයද සමඟ කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර තිබෙනවා.

එම නිරීක්ෂණය කිරීම්වල දී කාන්තාව අසල සැක කටයුතු ගැවසෙන චීන ජාතිකයෙකු හදුනාගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ.

පසුව ඔහු පිළිබද වැඩිදුර විස්තර අනාවරණය කර ගත් පොලීසිය , ඒ වනවිටත් ගුවන් තොටුපොළෙන් පළා ගොස් කිඹුලපිටිය ප්‍රදේශයේ චීන ජාතික කාන්තාවක් විසින් පවත්වා ගෙන යමින් සිටින නේවාසිකාගාරයක සැඟවී සිටියදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එහිදී 25 හැවිරිදි මෙම චීන ජාතිකයා හිස තබා ගෙන නිදාගෙන සිටි කොට්ටයෙහි කවරය තුළ මෙම විදේශ මුදල් සියල්ල සහ ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකයා අද (14) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

  1. චීනා සල්ලි දකින්න ඇති. මිනිස්සුන්ට පෙනෙන්න සල්ලි පරිහරණය කිරීම අවදානම් සහිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40