විදුලිසැර වැදී සැමියයි බිරිඳයි එකම තැන අවසන් ගමන් ගිහින්

වරකාපොල පොලිස් වසමේ හුනුවල ප්‍රදේශයේ කුඹුරු ඉඩමක දී විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ හුනුවල, තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක්.

මියගිය පිරිමි පුද්ගලයා අවුරුදු 60ක අයෙක් වන අතර, කාන්තාව 58 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි පොලිසිය සඳහන් කළේ.

කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

විදුලිසැර වැදුණු ඔවුන් දෙදෙනා වරකාපොල රෝහලට අතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

අනවසර විදුලි රැහැන් අදින ලද වයස අවරුදු 34ක වූ හුනුවල ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14