ෆිල් සිමන්ස් කොදෙව් ප්‍රධාන පුහුණුකරු තනතුර හැර යයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ෆිල් සිමන්ස් මෙම වසර අවසානයේ දී එම තනතුරෙන් ඉවත්ව යන බව දන්වා තිබෙනවා.

දෙවරක්ම අනුශුරයින් වූ කොදෙව්ව්වන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියෙන් අනපේක්ෂිත ලෙස ඉවතට විසිවීමත් සමඟ සිමන්ස් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2016 වසරේ දී කොදෙව්වන් 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබුවේ ෆිල් සිමන්ස් විසින්.

2015 වසරේ සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන 59 හැවිරිදි සිමන්ස් මෙම වසර අවසානයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියෙන් පසුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගන්නා බව සඳහන්.

කෙසේ වෙතත් මෙම තීරණය බටහිර ඉන්දීය කොදෙව්වන් විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට විසිවූ නිසා පමණක් සිදු වූවක් නොවන බවත්, තමන් එම පියවර ගැන කලක සිට සලකා බැලූ බවත් සිමන්ස් සඳහන් කර තිබෙනවා.

“අපට දැන් අපගේ සහභාගීත්වයෙන් තොරව ලෝක කුසලාන තරඟාවලියක් නැරඹීමට සිදුව තිබෙනවා, එය තේරුම්ගත නොහැකි දෙයක්, කොහොම වුනත් මම අපගේ රසිකයන්ගෙන් දැඩි ලෙස සමාව ඉල්ලා සිටිනවා.” යනුවෙන් ෆිල් සිමන්ස් වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07