ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට වතිකානුව පුරා දිගු පෝලිම්

පෙරේදා (21) දින නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමත් සමග ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හට මහජන ගෞරව දැක්වීම සඳහා ඉඩහසර වෙන් කර දී තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කරන පරිදි පැය එකහමාරකට අධික කාලයක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හට අවසන් ගෞරව දැක්වීම සඳහා ශාන්ත පීතර බැසිලිකාවට අතිවිශාල ජනකායක් පෝලිම් දිගේ පැමිණෙමින් සිටින බවයි.

ලොව පුරා සිටින බොහෝ කිතුණු සහ අන්‍යාගමික බැතිමතුන් ද පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට වතිකානු නගරයට ගොස් තිබෙනවා.

වතිකානු නගරයෙන් පිටත සහ රෝමයට පිවිසෙන මාර්ගවල ද දැඩි පෝලිම් තිබෙන බවයි බීබීසී මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනිද්දා දින රාත්‍රී 20:00ට මිනී පෙට්ටිය වසා දැමීමේ චාරිත්‍රය ශාන්ත පීතර බැසිලිකාවේ දී “කැමර්ලෙන්ගෝ” කාදිනල් කෙවින් ෆැරල් විසින් මෙහෙයවනු ලබනවා.

නව පාප්වරයෙකු තේරී පත් වන තෙක් වතිකානුව මෙහෙයවනු ලබන පුද්ගලයා වන්නේ ද කාදිනල් කෙවින් ෆැරල්.

කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති ජියෝවානි බැටිස්ටා රේ ද සහභාගී වන අතර ඔහු සෙනසුරාදා අවමංගල්‍යය උත්සවයට නායකත්වය දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?