ද්විත්ව නියුමෝනියා තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමක පවතින බව වාර්තා වනවා.
vaticannews වාර්තා කළේ පසුගිය 14 වැනිදා පාප් වහන්සේගේ ශ්වසනාබාධ තත්ත්වය අයහපත් අතට පත් වීම හේතුවෙන් රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ බවයි.
එදා සිට මේ දක්වා පාප් වහන්සේ එම රෝහලේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.
ඊයේ රාත්‍රිය ද උන්වහන්සේ සුවෙන් පෙරටත් වඩා විවේක ගත් බවත්; සෞඛ්‍ය අංශ පවසන පරිදි එහෙත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය බරපතළ බවින් මිදී නොමැති බවත් සඳහන්.
එමෙන්ම උන්වහන්සේගේ නියුමෝනියා තත්ත්වය විකිරණශීලීව නිරීක්ෂණය කිරීම සඳහා CT ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කෙරුණා.
බ්‍රොන්කයිටිස් රෝගයකින් දීර්ඝ කාලයක සිට පීඩා විඳින ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පසුදින කිහිපයේ දී සුළු වකුගඩු අකර්මණ්‍යතාව දිස් වුව ද එය මේ වන විට පාලනය වී ඇති බවයි වාර්තා වන්නේ.