AFC Banner
Empty Ad
Empty Ad

ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් නිර්දේශයක්

ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබෙනවා. එම සංවිධානය සඳහන් කළේ මෙලෙස ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නතෙහි වලංගු භාවය ප‍්‍රකාශයට පත් කිරීම තුළින් එන්නත ආනයනය කිරීම සහ අනුමත කිරීමේ කි‍්‍රයාවලීන් කඩිනම් කිරීමට රටවල්වලට අවස්ථාව හිමි වන බවයි. 

සංවර්ධනය වෙමින් පවතින රටවලට එම එන්නත පහසුවෙන් ලබාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායනය ද ප‍්‍රකාශ කළා. කොවිඞ් මර්දන එන්නතක් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව, බහරේන් සහ කටාර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක් භාවිත කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?