කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි අතුරුදහන්

කාසල්ජි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙක් අතුරුදහන් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

මෙසේ දියේ ගිලි අතුරුදන් වී ඇත්තේ, නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.වාගීෂන් නැමති නොර්වුඩ් වත්තේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්.

අතුරුදහන් වී ඇති පාසල් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග අද (04) දින පස්වරුවේ නෝර්වුඩ් කෙසෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී එක් වරම අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් වූ සිසුවා ගෙඩ ගැනීමට ඔහුගේ මිතුරන් උත්සහ කළත්, සිසුවා දියේ ගිලුණ ස්ථානය අධික ගැඹුුරු ස්ථානයක් බැවින් පසුව එම සිසුන් විසින් නෝර්වුඩ් පොලිසියට කළ දැනුම්දීමක් මත නෝර්වුඩ් පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01