ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ දියණියව අනියම් සැමියා කෙලෙසලා

කඳාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා විසින් අදාළ නිලධාරියාගේ 13 හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත දුම්මලසූරිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (18) අදාළ දැරිය සිය භාරයට ගෙන ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කඳාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ නීත්‍යනුකූල සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවයි වාර්තා වුණේ.

සැමියා සිරගත වීමෙන් පසු අදාළ පොලිස් නිලධාරිණිය තම දියණියන් දෙදෙනා සහ අනියම් සැමියෙකු සමඟ ජා -ඇල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී අනියම් සැමියා විසින් මීට සති 02 කට පමණ පෙර නිවාස තුළ දී 13 හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් නිලධාරිණියට දැනගන්නට ලැබී තිබෙනවා.

ඒ අනුව දියණියන් දෙදෙනාව දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිය මවට භාරදීමට පොලිස් නිලධාරිණිය කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දැරියට සිදු වූ අපරාධය සම්බන්ධයෙන් කිසියම් අයෙකු දැනගෙන ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව ක්‍රියාත්මක වූ දුම්මලසූරිය පොලිසිය මිත්තණිය භාරයේ සිටි දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමට ඊයේ (18) කටයුතු කර තිබෙනවා.

අදාළ සිදුවීම සිදුව ඇත්තේ දැරිය මීට පෙර ජීවත් වූ ජා – ඇල, ශ්‍රමදාන මාවතේ පිහිටි නිවසේ දී බැවින් ඉදිරි විමර්ශණ කටයුතු පමුණුගම පොලීසියට භාරදීමට කටයුතු කරන බවයි දුම්මලසූරිය පොලිසිය පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47