spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ දියණියව අනියම් සැමියා කෙලෙසලා

කඳාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා විසින් අදාළ නිලධාරියාගේ 13 හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත දුම්මලසූරිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (18) අදාළ දැරිය සිය භාරයට ගෙන ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කඳාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ නීත්‍යනුකූල සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවයි වාර්තා වුණේ.

සැමියා සිරගත වීමෙන් පසු අදාළ පොලිස් නිලධාරිණිය තම දියණියන් දෙදෙනා සහ අනියම් සැමියෙකු සමඟ ජා -ඇල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී අනියම් සැමියා විසින් මීට සති 02 කට පමණ පෙර නිවාස තුළ දී 13 හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් නිලධාරිණියට දැනගන්නට ලැබී තිබෙනවා.

ඒ අනුව දියණියන් දෙදෙනාව දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිය මවට භාරදීමට පොලිස් නිලධාරිණිය කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දැරියට සිදු වූ අපරාධය සම්බන්ධයෙන් කිසියම් අයෙකු දැනගෙන ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව ක්‍රියාත්මක වූ දුම්මලසූරිය පොලිසිය මිත්තණිය භාරයේ සිටි දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමට ඊයේ (18) කටයුතු කර තිබෙනවා.

අදාළ සිදුවීම සිදුව ඇත්තේ දැරිය මීට පෙර ජීවත් වූ ජා – ඇල, ශ්‍රමදාන මාවතේ පිහිටි නිවසේ දී බැවින් ඉදිරි විමර්ශණ කටයුතු පමුණුගම පොලීසියට භාරදීමට කටයුතු කරන බවයි දුම්මලසූරිය පොලිසිය පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?