ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර “වෙළඳ බාධක” ආමන්ත්‍රණය කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි ට්‍රම්ප් සටහන් කර තිබුණේ, “ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අපගේ ජාතීන් දෙක අතර වෙළඳ බාධක ආමන්ත්‍රණය කිරීම සඳහා සාකච්ඡා දිගටම කරගෙන යන බව නිවේදනය කිරීමට ලැබීම සතුටට කරුණකි.” යනුවෙනි.
ඉදිරි සතිවලදී තමන්ගේ ඉතා හොඳ මිතුරා වන අගමැති මෝදි සමඟ කතා කිරීමට බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් පවසා තිබුණා.
“අපගේ මහා රටවල් දෙකටම සාර්ථක නිගමනයකට පැමිණීමට කිසිදු දුෂ්කරතාවයක් ඇති නොවන බව මට විශ්වාසයි!” ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩිදුරටත් දැක්වුණා.
රුසියානු තෙල් මිලදී ගැනීම් සඳහා අමතර සියයට 25 ක දඩයක් ඇතුළුව එක්සත් ජනපදය ඉන්දියානු භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පනවා ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.















