හෝල්ඩර් සහ ජෝශප්ට හදිසි කැඳවීමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සහ වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝශප් ලෝක කුසලානයට සුදුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි 06 තරගවටයෙන් ඉවත්ව යළි කොදෙව් දේශයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔවුන් දෙදෙනාට සුපිරි 06 තරගවටයේ ශ්‍රී ලංකාව සමඟ අනිද්දා තරගය අහිමිව යන අතර, මේ වනවිට ඕමානය සමඟ පැවැත්වෙන තරගය සඳහා ද ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ නැහැ.

ඉන්දීය කණ්ඩායම සමඟ ලබන 12 වනදා ඇරඹෙන තරග සංචාරය සඳහා සූදානම් කිරීමේ අරමුණින් ඔවුන් දෙදෙනාට මෙලෙස යළි කොදෙව් දේශයට කැඳවා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

හෝල්ඩර් සහ ජෝශප් කොදෙව් සංචිතයෙන් පිටව යෑමත් සමඟ එම සංචිතයේ මේ වනවිට ඉතිරිව ඇත්තේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත් එම සංචිතයට තවමත් ආදේශකයින් නම් කර නොමැතිවීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47