spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෝල්ඩර් සහ ජෝශප්ට හදිසි කැඳවීමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සහ වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝශප් ලෝක කුසලානයට සුදුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි 06 තරගවටයෙන් ඉවත්ව යළි කොදෙව් දේශයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔවුන් දෙදෙනාට සුපිරි 06 තරගවටයේ ශ්‍රී ලංකාව සමඟ අනිද්දා තරගය අහිමිව යන අතර, මේ වනවිට ඕමානය සමඟ පැවැත්වෙන තරගය සඳහා ද ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ නැහැ.

ඉන්දීය කණ්ඩායම සමඟ ලබන 12 වනදා ඇරඹෙන තරග සංචාරය සඳහා සූදානම් කිරීමේ අරමුණින් ඔවුන් දෙදෙනාට මෙලෙස යළි කොදෙව් දේශයට කැඳවා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

හෝල්ඩර් සහ ජෝශප් කොදෙව් සංචිතයෙන් පිටව යෑමත් සමඟ එම සංචිතයේ මේ වනවිට ඉතිරිව ඇත්තේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත් එම සංචිතයට තවමත් ආදේශකයින් නම් කර නොමැතිවීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?