AFC Banner
AFC Banner
Empty Ad

හෝමාගම ඝාතනය ගැන තොරතුරු හෙළිවෙයි

අහුලාගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර සිම් පතක් මිළදී ගෙන ඒ හරහා හෝමාගම ප්‍රදේශයේ පසුගිය 21 වනදා රාත්‍රී සිදු වූ ඝාතනය සැළසුම් කර ඇතැයි විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව සිම් පත ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කළ හැඳුනුම්පතේ හිමිකරු වන රදාවාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී යි මේ බව අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා පිටකොටුව කිරිල්ලවල මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු බව සඳහන්.

කිසියම් පිරිසක් පසුගිය 21 වනදා රාත්‍රී ඝාතනය රාත්‍රී 9.10ට පමණ හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු සිය නිවස ඉදිරිපිට දී ඝාතනය කර පළා ගොස් තිබුණා.

මියගිය පුද්ගලයා එම අවස්ථාවේ මිතුරන් පිරිසක් සමග නිවසේ සාදයක් පවත්වා ඇති අතර ඒ අවස්ථාවේ දී යි ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇත්තේ.

එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීම සඳහා සාදය පැවති ස්ථානයෙන් බැහැරට ගොස් නිවස ඉදිරිපිට ගේට්ටුව අසල රැඳී සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබූ බව සඳහන්.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඍජු අධීක්ෂණය යටතේ අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී ඝාතනය වූ පුද්ගලයාට අවසන් වරට ලැබී තිබූ දුරකථන ඇමතුමට අදාළ අංකය පිළිබඳව විමර්ශනය කිරීමේ දී එම සිම් පත වෙඩි තැබීමට දින තුනකට පෙර ලියා පදිංචි කළ එකක් බවත් එම අංකයෙන් ඝාතනය වූ පුද්ගලයාට අවස්ථා තුනකදී ඇමතුම් ලැබී තිබූ බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව සිම් පත ලියාපදිංචි පුද්ගලයා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හැඳුනුම්පත මීට පෙර අස්ථානගත වී ඇති බවට පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොදන්නා බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක කරන්නේ අස්ථානගත වූ හැඳුනුම්පත අහුලාගෙන එය ඉදිරිපත් කර සිම් පතක් ලබාගෙන ඒ හරහා මියගිය පුද්ගලයාට දුරකථන ඇමතුම් ලබාදී ඝාතනය සූක්ෂමව සැලසුම් කරන්නට ඇති බවයි.

එහෙත් එම පුද්ගලයා ලබා දෙන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනය කරන බව පොලිසිය පවසනවා.

දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන තනූජ සම්පත් නොහොත් හඳපාන්ගොඩ “හඳයා” නැමැත්තා ගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට හඳුනාගෙන ඇතැයි ද හෙළිකර ගෙන තිබෙනවා.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර ඒ සඳහා මෙරට පදිංචි සමීපතමයෙකු හරහා තරුණයින් දෙදෙනෙකුට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?