හෝමාගමින් හමු වූ මළ සිරුරේ සිද්ධියට හතරක් අල්ලයි

පසුගිය 10 වන දින ගෙල සිරකර හිසට පහර දී පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගම පොලිස් වසමේ බයිපාස් මාර්ගයේ දමාගොස් තිබූ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී කාලයේ මාදම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වල දී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අවුරුදු 18 හා 24 වයස්වල පසුවන කොළඹ 14 හා 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සිදුවීමේ මරණකරු, ඝාතනය වීමෙන් පසු ඔහු පැමිණි මෝටර් රථය කෑගල්ල – මාවනැල්ල මාර්ගයේ තිබී හමුවීමෙන් පසු දීර්ඝ විමර්ශනයක් සිදුකර එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?