හෝටල් කාමරවලට මාලිමාවේ මන්ත්‍රිනියක් රු:20000කට විකිණුනා ද? (වීඩියෝ)

ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එක් ව මේ දිනවල මුහුණුපොත හරහා සිදු කරන අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් ඇයගේ නීතිඥවරු මාර්ගයෙන් අද (31) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා.

ඇයගේ නීතිඥවරුන් විසින් අදාළ පැමිණිල්ල භාරදෙනු ලැබීමෙන් පසුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ මෙම ක්‍රියාදාමය පිටිපස ඇත්තේ පරාජයට පත් වූ දේශපාලන පක්ෂයක සාමාජිකයින් බවයි.

සිය සේවාදායිකාව කොළඹ නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටල් කාමරයකට රුපියල් 20000ක මුදලකට තවත් පිරිමි පුද්ගලයින් සමග ගොස් ඇති බවට වන පුවතක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වීම හේතුවෙන් මන්ත්‍රිනී කොට්ටහච්චිගේ කීර්ති නාමයට හානියක් සිදු වී ඇති බවට සඳහන්.

අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් කඩිනමින් මෙම අපරාධය සිදු කරන පිරිස අත් අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රිනී කොට්ටහච්චි මහත්මියගේ නීතිඥවරු පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
10
+1
120
+1
13
+1
12
+1
16
+1
35
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23