QR එකෙන් තෙල් නිකුත් කරන තත්ත්වයකට යන්න වෙයි – බලශක්‌ති නියෝජ්‍ය ඇමති (වීඩියෝ)

අනවශ්‍ය විදියට කලබල වී ඉන්ධන රැස්කර නොගන්නා ලෙස බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පවතින බවයි බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙරටට ඩීසල්, පෙට්‍රල්, ගුවන් යානා ඉන්ධන වැඩි ප්‍රමණයක් පැමිණෙන්නේ මැදපෙරදිග රටවල්වලින් නොවන බවයි.

ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව හෝ අවශ්‍ය වුවහොත් කොරියාවෙන් එම ඉන්ධන ආයනය කිරීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ අද (01) දිනය වනවිට දින 37ක ප්‍රමාණයකට පෙට්‍රල් සංචිත පවතින බවයි.

එමෙන්ම ඩීසල් තොග දින 35ක ප්‍රමාණයකට රට තුළ පවතින බවත්, ගුවන් යානා ඉන්ධන දින 47කට ගබඩාවල පවතින බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව සූපර් ඩීසල් දින 30ක් සඳහා ගබඩාවල පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

මේ අතර අනවශ්‍ය ආකාරයෙන් ඉන්ධන තොගරැස්කර තබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිසිය වෙත උපදෙස් දී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයකට වඩා ඉන්ධන රැස්කර ගැනීමේ තත්ත්වයකට ජනතාව පෙළඹුනහොත් QR කේතයක් මඟින් ඉන්ධන නිකුත් කිරීමේ තත්ත්වයකට යෑමට සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40