spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හෝටලයක් පිටුපසට ගොඩගැසූ මළකඳ

වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් පමණ වන පුද්ගලයෙකු බවත්, හෙතෙම ලා දුඹුරු පැහැති කමීසයකින් සැරසී සිටින බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

මෘතදේහය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?