හොර රහස් පරීක්ෂක චරිතය පොලිසියේ දී අහුවෙලා

ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙසත් රහස් පරීක්ෂකවරයෙකු ලෙසත් පෙනී සිටිමින් ව්‍යාජ හැදුනුම්පත් උපයෝගි කරගෙන පුද්ගලයින් රවටා විශාල වශයෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා අලවතුගොඩ පොලීසිය විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ව්‍යාජ හැදුනුම්පත් දෙකක් සකස් කර පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙකු ලෙසත් පෙනී සිට ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

කූඨ ලේඛන සකස් කිරීම සහ අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි නියෝග කර ඇත්තේ.

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළ අවස්ථාවේ දී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී මෙම ව්‍යාජ හැඳුනුම්පත් සොයාගත් බව පොලීසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29