spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොර රහස් පරීක්ෂක චරිතය පොලිසියේ දී අහුවෙලා

ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙසත් රහස් පරීක්ෂකවරයෙකු ලෙසත් පෙනී සිටිමින් ව්‍යාජ හැදුනුම්පත් උපයෝගි කරගෙන පුද්ගලයින් රවටා විශාල වශයෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා අලවතුගොඩ පොලීසිය විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ව්‍යාජ හැදුනුම්පත් දෙකක් සකස් කර පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙකු ලෙසත් පෙනී සිට ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

කූඨ ලේඛන සකස් කිරීම සහ අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි නියෝග කර ඇත්තේ.

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළ අවස්ථාවේ දී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී මෙම ව්‍යාජ හැඳුනුම්පත් සොයාගත් බව පොලීසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?