AFC Banner
Empty Ad

හොර දොස්තරලා අල්ලපු ‘දසත සර්ච් ලයිට්’ මෙහෙයුම මැතිසබයේ අවදානයට (වීඩියෝ)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක බෙහෙත් ශාලා පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර සිදුකළ ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ‘දසත සර්ච් ලයිට්’ ඔස්සේ සිදුකළ අනාවරණය පිළිබඳව අද (07) පාර්ලිමේන්තුවේ සභාවාරයේ දී අවදානයට ලක් වුණා.

‘දසත සර්ච් ලයිට්’ සිදුකළ අනාවරණය උපුටා දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර; සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කර සිටියේ මෙම ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නේ ද යන්න පිළිබදවයි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ ලියාපදිංචියෙන් තොර ව්‍යාජ වෛද්‍යවරු පිළිබඳව වැටලීම් මේ වනවිටත් සිදුකරගෙන යන බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් එම වැටලීම් කටයුතු සිදුකරගෙන යන බවත්, එවැනි ව්‍යාජ වෛද්‍යවරු පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසට ද අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?