හොර ඩොලර් රුපියල් කරන්න ගිය කත බැංකුවේ දී අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් නෝට්ටු කිහිපයක් බැංකුවකින් මාරු කිරීමට උත්සාහ කළ කාන්තාවක් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් ඩොලර් 100 ව්‍යාජ නෝට්ටු 06ක් මෙලෙස මාරු කිරීමට යාමේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව ලබාදුන් ඩොලර් නෝට්ටු ව්‍යාජ ඒවා බවට බැංකු සේවකයින් තහවුරු කර ගැනීමත් සමඟ ඒ පිළිබඳව පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලීසිය පැමිණ ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත් කාන්තාව කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බව සඳහන්.

ඇය විදෙස් ගතව සිට පසුගිය දෙවනදා ලංකාවට පැමිණ ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකාර කාන්තාවට ව්‍යාජ ඩොලර් නෝට්ටු ලැබුණ ආකාරය පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඊයේ (07) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03