හොරෙන් රත්තරන් ගෙනා මන්ත්‍රීවරයා ඉවත් කරන්නැයි පක්ෂ නායකයින් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ අද (26) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගත් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට පක්ෂ නායකයින් තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ.

එම රැස්වීමේදී හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට කථානායකවරයාට බලය ඇති බවයි.

මේ අතර මේ වන විටත් අලි සබ්රි රහීම් මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් කථානායකවරයාට පෙත්සමක් භාරදී ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන බැවින් ඔහුව පාර්ලිමේන්තුවෙන් නෙරපීමට එකඟ වී රජය කටයුතු ආරම්භ කළ යුතු බවයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පසුගිය අඟහරුවාදා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී නීති විරෝධිව රත්‍රන් සහ ජංගම දුරකථන රැගෙන ඒමේ චෝදනාවට රේගු නිලධාරීන් විසින් රඳවා තබා ගනු ලැබුවා.

ඔහු සතුව තිබී කිලෝග්‍රෑම් 3කට වැඩි බරැති ප්‍රකාශ නොකළ රත්‍රන් තොගයක් සොයා ගනු අතර ඔහුගේ ගමන් මල්ලේ තිබූ ස්මාර්ට් ජංගම දුරකථන 91ක් හමුවී තිබුණා.

අදාළ රත්‍රං තොගය සහ ජංගම දුරකතනවල වටිනාකමක රුපියල් කෝටි අට හමාරකට අධික බව සඳහන්.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ප්‍රකාශ නොකළ රත්‍රං සහ ජංගම දුරකථන රාජසන්තක කර පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාට රුපියල් ලක්ෂ 75 ක දඩයක් ද පනවා නිදහස් කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13