AFC Banner
AFC Banner
Empty Ad

හොරෙන් රට රැකියාවට යන්න ගිය තරුණියක් කටුනායකදී අත්අඩංගුවට

ළාබාල තරුණියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයක් මගින්, නීති විරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත් කිරීමට තැත් කරමින් සිටිය දී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යොමු කළ හැකි වන්නේ වයස අවුරුදු 21 ඉක්මවා ඇති තරුණියන්‍ පමණයි.

එහෙත් මෙලෙස වංචනිකව කටාර් රාජ්‍යයට යැවීමට උත්සහ කළ තරුණිය මොරටුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්.

ඇය අද උදෑසන 10.30ට පමණ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන් සේවයේ QR- 665 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය මෙම ගුවන් ගමන පිටත්ව යාම සඳහා අවශ්‍ය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගැනීමෙන් අනතුරුව සිය විගමන කටයුතු සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ලියකියවිලි ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඇය සතුව කටාර් රාජ්‍යයේ රැකියා කිරීම සඳහා වීසා බලපත්‍රයක් තිබුණ ද ඇය එම රැකියාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම, එරට රැකියා නියෝජිත සමග ඇති කර ගත් රැකියා ගිවිසුම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව පිළිබඳ සහතිකය නොවීම නිසා ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව වැඩිදුරටත් මෙම තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් සිදු කිරීමේ දී අනාවරණ වී ඇත්තේ කිසියම් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇය රැගෙන විත් ඇති අතර එම කාන්තාවට මෙම තරුණිය එහිදී රුපියල් 21,500ක මුදලක් ලබා දී ඇති බවයි.

එසේම මෙම තරුණිය රැකියාවක් සඳහා පිටත්ව යාමට ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිස සිටියදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට හසු නොවී තිබීම විශේෂත්වයක්.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?