ළාබාල තරුණියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයක් මගින්, නීති විරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත් කිරීමට තැත් කරමින් සිටිය දී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යොමු කළ හැකි වන්නේ වයස අවුරුදු 21 ඉක්මවා ඇති තරුණියන් පමණයි.
එහෙත් මෙලෙස වංචනිකව කටාර් රාජ්‍යයට යැවීමට උත්සහ කළ තරුණිය මොරටුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්.
ඇය අද උදෑසන 10.30ට පමණ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන් සේවයේ QR- 665 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඇය මෙම ගුවන් ගමන පිටත්ව යාම සඳහා අවශ්‍ය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගැනීමෙන් අනතුරුව සිය විගමන කටයුතු සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ලියකියවිලි ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඇය සතුව කටාර් රාජ්‍යයේ රැකියා කිරීම සඳහා වීසා බලපත්‍රයක් තිබුණ ද ඇය එම රැකියාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම, එරට රැකියා නියෝජිත සමග ඇති කර ගත් රැකියා ගිවිසුම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව පිළිබඳ සහතිකය නොවීම නිසා ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව වැඩිදුරටත් මෙම තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් සිදු කිරීමේ දී අනාවරණ වී ඇත්තේ කිසියම් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇය රැගෙන විත් ඇති අතර එම කාන්තාවට මෙම තරුණිය එහිදී රුපියල් 21,500ක මුදලක් ලබා දී ඇති බවයි.
එසේම මෙම තරුණිය රැකියාවක් සඳහා පිටත්ව යාමට ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිස සිටියදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට හසු නොවී තිබීම විශේෂත්වයක්.
මෙලෙස අත්අඩංගුවට ගත් තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.














ME MUSALAY RATA KALA WINASA KARALA. DARUWANTA INNA NAHE, KANNA BONNA NAHE, UNTA LSSANATA INNA NAHE. IGENA GANNA NAHE. MEWA GENA KATHA KARANNA KENEK UNTA NAHE, INNA UN BORU KIYANAWA, BERI THANA UN PARATA BAHINAWA, JADAYO UNTA WATHURA TEAR GAS BATTON CHARGE KARANAWA, ALLALA REMAND KARALA USAWI DANAWA. EKETH INNA ITHAMA SULU DENEK ME GON PANDUWATA KADEYI YANA NISA UNWA HIRETA DANAWA. HEBAYI THAMATH 905 NEETHI ARUKA YUKTHI GARUKA AYA INNA NISA AYE UNWA ELIYATA DANAWA MEHEMA RATAKA INNE KOHOMA DHA. ADA VIDULI BILA WADI KARALA. HEMA DEMA GANAN. BUNIS EKAK KANNA BAHE, RS.80-100. RATA KAPU UN THAMA YAHATHIN. UN PADUWA DALA THIYENNE APE OLUWA UDATA, EYI MUSLAYO YAENNETH APEN. DARUWO RATA DALA YANNE KAHNAWATA NOWEYI. INNA BARI NISA.