හොරෙන් රටට ඇතුල් වෙන්න දැඟලූ ඉරාන ජාතිකයෙක් පිටුවහල් කෙරේ

ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළුවීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අද (16) අලුයම් කාලයේ දී සැකකාර ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔහුව ආපසු පිටුවහල් කිරීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

40 හැවිරිදි සැකකාර මගියා අලුයම 04.25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගුවන් තොටුපොළ වෙත පැමිණ ( On Arrivel Visa ) මෙරටට ඇතුළු වීම සදහා වීසා බලපත්‍රය ලබාගැනීමට මොහු ඉදිරිපත් කළ ඉතාලි ජාතික ගමන් බලපත්‍රයේ තොරතුරු, ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසියේ නැති වූ සහ සොරකම් කරන ලද ගමන් බලපත්‍ර පිළිබඳ දත්ත පද්ධතිය වෙත යොමු කළ විට, එම පද්ධතියේ සඳහන් ගමන් බලපත්‍රයක් බවට‍යි සනාථ වී ඇත්තේ.

ඉන්පසුව මෙම ඉතාලි ජාතික ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාතික මධ්‍යම කාර්යාංශය වෙත ද යොමු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු පියවර ගෙන තිබුණා.

එහිදී ද මෙම ඉතාලි ජාතික ගමන් බලපත්‍රය නැති වූ සහ සොරකම් කරන ලද, ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධතියේ සඳහන් ගමන් බලපත්‍රයක් බවට‍යි හෙළිව ඇත්තේ.

මෙම විමර්ශන සිදු කෙරෙමින් පවතින අතරතුර, ඉරාන ජාතිකයා, එම ස්ථානයෙන් සූක්ෂ්ම අයුරින් පිටවී ගොස් , ඔහු මෙතෙක් සඟවා ගෙන සිටි, ඉරාන ජාතික ගමන් බලපත්‍රය අසළ තිබූ ආගමන කවුළුවක් වෙත ඉදිරිපත් කර ,යළිත් මෙරටට ඇතුළු වීමට තැත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව මෙම ඉතාලි ජාතික සැකකරුගේ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර, එහි තාක්ෂණික පරීක්ෂා කිරීම්වලට ද යොමු කර තිබෙනවා.

සැකකාර ඉරාන ජාතිකයා මෙරටට ඇතුළු වී පසුව යුරෝපය වෙත පලා යාමට සැලසුම් කර තිබූ බව, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට සමත් වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම සියලුම විමර්ශන කටයුතුවල දී සැකකරු ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය නැතිවූ සහ සොරකම් කරන ලද එකක් බවට කරුණු සනාථ වීම නිසා ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයෙන්ම ආපසු සාජා නුවර බලා පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.ඩබ්ලිව්.පතිරණ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන පී.කේ.ගාමිණී සහ ආර්.ඒ. ඩබ්ලිව්.එස්.රණසිංහ යන මහත්වරුන් විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?