හොරෙන් රටට ඇතුල් වෙන්න දැඟලූ ඉරාන ජාතිකයෙක් පිටුවහල් කෙරේ

ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළුවීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අද (16) අලුයම් කාලයේ දී සැකකාර ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔහුව ආපසු පිටුවහල් කිරීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

40 හැවිරිදි සැකකාර මගියා අලුයම 04.25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගුවන් තොටුපොළ වෙත පැමිණ ( On Arrivel Visa ) මෙරටට ඇතුළු වීම සදහා වීසා බලපත්‍රය ලබාගැනීමට මොහු ඉදිරිපත් කළ ඉතාලි ජාතික ගමන් බලපත්‍රයේ තොරතුරු, ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසියේ නැති වූ සහ සොරකම් කරන ලද ගමන් බලපත්‍ර පිළිබඳ දත්ත පද්ධතිය වෙත යොමු කළ විට, එම පද්ධතියේ සඳහන් ගමන් බලපත්‍රයක් බවට‍යි සනාථ වී ඇත්තේ.

ඉන්පසුව මෙම ඉතාලි ජාතික ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාතික මධ්‍යම කාර්යාංශය වෙත ද යොමු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු පියවර ගෙන තිබුණා.

එහිදී ද මෙම ඉතාලි ජාතික ගමන් බලපත්‍රය නැති වූ සහ සොරකම් කරන ලද, ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධතියේ සඳහන් ගමන් බලපත්‍රයක් බවට‍යි හෙළිව ඇත්තේ.

මෙම විමර්ශන සිදු කෙරෙමින් පවතින අතරතුර, ඉරාන ජාතිකයා, එම ස්ථානයෙන් සූක්ෂ්ම අයුරින් පිටවී ගොස් , ඔහු මෙතෙක් සඟවා ගෙන සිටි, ඉරාන ජාතික ගමන් බලපත්‍රය අසළ තිබූ ආගමන කවුළුවක් වෙත ඉදිරිපත් කර ,යළිත් මෙරටට ඇතුළු වීමට තැත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව මෙම ඉතාලි ජාතික සැකකරුගේ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර, එහි තාක්ෂණික පරීක්ෂා කිරීම්වලට ද යොමු කර තිබෙනවා.

සැකකාර ඉරාන ජාතිකයා මෙරටට ඇතුළු වී පසුව යුරෝපය වෙත පලා යාමට සැලසුම් කර තිබූ බව, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට සමත් වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම සියලුම විමර්ශන කටයුතුවල දී සැකකරු ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය නැතිවූ සහ සොරකම් කරන ලද එකක් බවට කරුණු සනාථ වීම නිසා ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයෙන්ම ආපසු සාජා නුවර බලා පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.ඩබ්ලිව්.පතිරණ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන පී.කේ.ගාමිණී සහ ආර්.ඒ. ඩබ්ලිව්.එස්.රණසිංහ යන මහත්වරුන් විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38