හොරෙන් මෙරටට ගෙන්වූ වාහනයක් පැද්ද ව්‍යාපාරිකයෙකුට ඇප

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇතැයි පවසන රුපියල් කෝටි හතරක් පමණ වටිනා බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යාම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනගාරගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (13) නියෝග කළා.

මෙලෙස ඇප නියම වූයේ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇතැයි පවසන තුෂාර හේමචන්ද්‍ර නමැති 53 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයෙක් හට යි.

අදාළ නීති කෘත්‍ය අධිකරණයෙහි විභාග වූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අදාළ මෝටර් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයකින් මිල දී ගෙන ඇති බවත් ඒ සඳහා වූ ලිපි ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එමෙන්ම එම මෝටර් රථය අදාළ පෞද්ගලික මූල්‍ය ආයතනය වෙත ලබා දුන් මෝටර් රථයේ පළමු හිමිකරුගේ විස්තර ඇතුළත් ලේඛන ද මෙහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෝටර් රථයේ මුල් හිමිකරු පිළිබඳව විමර්ශන කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?