හොරාට කරගෙන ගිය සම්බාහනය ගම්මුන් වටලලා

දඹුල්ල – කණ්ඩලම මාර්ගයේ 01 කණුව ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් ආරම්හකර පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (08) වටලා තිබෙනවා
.
එහිදී ප්‍රදේශවාසීන් විසින් සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලපත්‍ර එහි කළමනාකරණයට සිටි පුද්ගලයින්ගෙන් ඉල්ලා ඇති අතර, එම බලපත්‍ර ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත්වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගත් බවයි තොරතුරු වාර්තා වුණේ.

ප්‍රදේශවාසීන් සිදුකළ විමසීමක දී අදාළ සම්බාහන මධ්‍යස්ථානය පවතවාගෙන යාමට කිසිඳු බලපත්‍රයක් දඹුල්ල මහ නගර සභාව විසින් ද නිකුත් නොකළ බවට දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මෙහිදී පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති අතර, පසුව පොලිසිය එහි පැමිණ අදාළ සම්බාහන මධ්‍යස්ථානය වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් සම්බාහන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවක් සහ කළමනාකරණයට සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
3
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?