හොරාට කරගෙන ගිය සම්බාහනය ගම්මුන් වටලලා

දඹුල්ල – කණ්ඩලම මාර්ගයේ 01 කණුව ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් ආරම්හකර පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (08) වටලා තිබෙනවා
.
එහිදී ප්‍රදේශවාසීන් විසින් සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලපත්‍ර එහි කළමනාකරණයට සිටි පුද්ගලයින්ගෙන් ඉල්ලා ඇති අතර, එම බලපත්‍ර ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත්වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගත් බවයි තොරතුරු වාර්තා වුණේ.

ප්‍රදේශවාසීන් සිදුකළ විමසීමක දී අදාළ සම්බාහන මධ්‍යස්ථානය පවතවාගෙන යාමට කිසිඳු බලපත්‍රයක් දඹුල්ල මහ නගර සභාව විසින් ද නිකුත් නොකළ බවට දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මෙහිදී පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති අතර, පසුව පොලිසිය එහි පැමිණ අදාළ සම්බාහන මධ්‍යස්ථානය වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් සම්බාහන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවක් සහ කළමනාකරණයට සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40