හොරණ වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රටින් පිටවීමට උත්සාහ කිරීමේ දී කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර වෙඩික්කරු රටින් පළායාමට උත්සාහ ගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ.
අද (05) පෙරවරුවේ හොරණ, ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවා.
කැබ් රථයක සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර, වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ ඇති බවයි අනාවරණය වුණේ.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ වල්පිටගේ දොන් සංජය අසන්ත නැමැති නමැති 38 හැවිරිදි මුදල් පොළියට ලබාදෙන ව්‍යාපාරිකයෙක්.
වෙඩි ප්‍රහාරය ඔහුගේ මුඛයේ දකුණු පැත්තට එල්ල වි ඇති අතර එය ගෙළෙහි වම් පැත්තෙන් පිට වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා














