spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරණ ප්‍රදේශයේ අයිස් සහ ගංජා විකුණු පුද්ගලයන් දෙදෙනෙකු සහ 06 ක් අත්අඩංගුවට

ඊයේ (29) දින හොරණ ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදි අයිස් සහ ගංජා අලෙවියේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.

හොරණ මාහේන ප්‍රදේශයේදි ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු ගංජා ග්‍රෑම් 13 ක් හා ගංජා කිරුම් උපකරණයක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන අතර හොරණ ප්‍රදේශයේ පදිංචි අයෙකු හොරණ නගරයේදි අයිස් ග්‍රෑම් දෙකක් හා අයිස් මත්ද්‍රව්‍ය කිරන ඉලෙක්ට්‍රොනික් තරාදිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සහ අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් සිව්දෙනෙකු ද මෙහිදි අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?