ගාසා ළමා අරමුදලට තවත් මුදල් ආධාර

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000ක මුදලක් ද, කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද, Sports First පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දෙනු ලැබුවා.

එසේම “Children of Gaza Fund” අරමුදලට දායකවන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදුකළ ඉල්ලීම පරිදි විශාල මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර, එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීමට නියමිතයි.

2024 අප්‍රේල් 30 දක්වා පමණක් පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 30 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50