spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මගේ ළඟ ඩීල් නෑ – ඇමති විජේදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්කර ගත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මල්වතු මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේදී විධායක කමිටු සාමාජිකයෝ 116ක් ඒකමතිකව තීරණය කළා මාව පක්ෂයේ වැඩබලන සභාපති වශයෙන් පත් කිරීමට, මම ඒ ආරාධනාව පිළිගත්තා. මගේ ළඟ ඩීල් නෑ.මේ සියල්ලම සිදුවුණේ පක්ෂ ව්‍යවස්ථාවට අනුවයි. ව්‍යවස්ථාවට පටහැනිව කිසිදෙයක් සිදුවෙලා නෑ. මේ පක්ෂයක වැඩ බලන සභාපති වුණා කියලා මගේ ඇමතිකම අහෝසි කරන්න රජයට කිසි හේතුවක් නෑ. මේ රජයේ විවිධ පක්ෂ නියෝජනය කරන ඇමැතිවරු ඉන්නවා.මට එරෙහිව ඕනෑම අයෙක් ගන්නා තීන්දු තීරණවලට අවශ්‍ය වෙලාවට මමත් තීන්දු තීරණ ගන්නවා.මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් සිදුවෙන නිසා වැඩියමක් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපි අවශ්‍ය වෙලාවට අධිකරණයට යනවා. හදිසි නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?