spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානුවෙකුගේ හදවතක් පාකිස්ථාන තරුණියකට දෙයි

ඉන්දියානුවෙකුගේ හදවතක් පාකිස්ථාන ජාතික තරුණියකට බද්ධ කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

චෙන්නායි නුවර MGM හෙල්ත්කෙයාර් රෝහලේ දී මෙම හදවත් බද්ධ සැත්කම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

69 හැවිරිදි වියේ පසු වූ මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් මෙලෙස පාකිස්ථාන ජාතික තරුණියට බද්ධ කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැයවන මෙම සැත්කම වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්ව නොමිලේ සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

19 හැවිරිදි අයේෂා රෂාන් නැමැති මෙම තරුණිය ඇයගේ හෘද පොම්ප කපාටයක කාන්දුවක් තිබීම හේතුවෙන් හෘද රෝගයකින් පෙලුණු තැනැත්තියක් බව සඳහන්.

ඇයව ජීවත් කිරීමට නම් සම්පූර්ණ හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බවයි වෛද්‍යවරුන් පවසා තිබුණේ.

ඒ, අනුවයි මෙලෙස ඇයට මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථක ලෙස බද්ධ කර ඇත්තේ.

සැත්කමට භාජනය වූ තරුණිය මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?