තායි නිරූපිකාවකගේ සිරුර බහරේනයේ මෘත ශරීරාගාරයකින් සොයාගැනේ

වසරක පමණ සිට අතුරුදන්ව සිටි තායි නිරූපිකාවකගේ සිරුර බහරේනයේ මෘත ශරීරාගාරයකින් සොයාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කාරනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 31 හැවිරිදි කයිකන් කාන්නාකම් නැමැති තායිලන්ත නිරූපිකාවකගේ සිරුර බවයි වාර්තා වන්නේ.

චයිනා ටයිම්ස් පුවත්පතට අනුව මෙම නිරූපිකාව තම මව් රටෙන් පිටව බහරේනයේ අවන්හලක රැකියාවක් සඳහා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

නිතිපතා සමාජ මාධ්‍යවල ඡායාරූප සහ විවිධ සටහන් පළ කිරීමට පුරුදුව සිටි ඇයට බහරේනයේ දී පෙම්වතෙක් මුණගැසී එම බහරේන් පෙම්වතා සමඟ එකට ජීවත් වීමට පටන් ගත් බව ඇගේ පවුලේ අය පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඇය සම්බන්ධයෙන් 2023 අප්‍රේල් මාසයේ සිට තොරතුරක් දැනගන්නට නොලැබුණු බවයි අයගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

ඔවුන්ට ඇයව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ද උත්සාහ කර ඇති අතර එයට ද හැකියාව ලැබී නැහැ.

කයිකාන්ගේ පවුලේ අය මේ වසරේ ජනවාරි මාසයේ දී බහරේනයේ තායි තානාපති කාර්යාලයෙන් උපකාර පැතූ නමුත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට හැකියාව ලැබී නොමැති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 18 වනදා තායි තානාපති කාර්යාලය පවුලේ අයට පවසා ඇත්තේ නාඳුනන අග්නිදිග ආසියානු කාන්තාවකගේ සිරුරක් සල්මානියා වෛද්‍ය සංකීර්ණයේ මෘත ශරීරාගාරයේ ඇති බවයි.

ඇයගේ කකුලේ පච්චයක් ද කොටා ඇති බව දැනුම් දී ඇති අතර, එම සලකුණු මඟින් ඇගේ පවුලේ සාමාජිකයින්ට එම මෘත ශරීරය කයිකාන් කාන්නාකම්ගේ බව තහවුරු කරගෙන තිබෙනවා.

ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මත්පැන් විෂ වීම හේතුවෙන් උග්‍ර හෘද සහ පෙනහළු ආසාදනයක් බවයි.

මේ අතර කයිකාන්ගේ පවුලේ සාමාජිකයින් ඇයගේ දේහය ආපසු ගෙන්වා ගැනීමට උපකාර සොයමින් සිටින අතර, ඇයගේ මරණය සැක සහිත බවයි ඔවුන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22